සිඩ්නි ක්‍රවුන් කැසිනෝ සේවකයන් 100 කට රැකියා අහිමිවීමේ අවධානමක්

සිඩ්නි නුවර ක්‍රවුන් කැසිනෝ ආයතනයෙහි සේවකයන් 100 කට ආසන්න පිරිසකට රැකියා අහිමිවීමේ අවධානමක් මතුවී තිබෙනවා.

ඒ විශේෂ ප්‍රභූ ඝණයට වෙන් කර ඇති කොටස සඳහා ප්‍රමාණවත් ගණුදෙනුකරුවන් පිරිසක් නොපැමිණිම හේතුවෙනුයි.

මින් ඇතැමුන් ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් කෙරෙන අතර තවත් පිරිසකට මෙල්බන් සහ පර්ත් හි ක්‍රවුන් කැසිනෝ මධ්‍යස්ථානවල රැකියා ලබාදීමට නියමිතයි.

ඩොලර් බිලියන 2.2 කට ආසන්න මුදලක් වියදම් කර සිඩ්නි හි ක්‍රවුන් නව කැසිනෝ මධ්‍යස්ථානයක් විවෘත කෙරුණේ මීට වසරකට පමණ ඉහතදීයි.

එහෙත් අපේක්ෂා කල තරම් විදේශීය සංචාරකයන් විශේෂනේ චීන ජාතිකයන් එහි නොපැමිණෙන බව සඳහන්.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »