ක්වීන්ස්ලන්ඩ් ප්‍රාදේශීය රෝහල්වල සේවක හිගය නිසා දරු උපත් ප්‍රමාදයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ග්‍රාමීය රෝහල්වල පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු හේතුවෙන් ගැබිණි මව්වරුන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවට වාර්තා වනවා.

මේ හේතුවෙන් ඇතැම් ගැබිණි මව්වරුන් හට දරු ප්‍රසූතියට නියමිත දිනය ප්‍රමාද කිරීමට පවා සිදුව ඇති බව සඳහන්.

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ දැනට සිටින සීමිත කාර්ය මණ්ඩලයට දැරිය නොහැකි රාජකාරී පැවරීම මත එම සේවා අඩාල වී ඇති බවයි.

ඇතැම් ප්‍රාදේශීය රෝහල් වල උපත් හා මාතෘ සේවා පසුගිය කාලය තුළ සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබුණා

විශේෂඥ ප්‍රසව හා නාරිවේද සංගමය පවසන්නේ ප්‍රසව හා නාරීවේදී පුහුණු වෛද්‍යවරුන්ගේ හිගයද මෙම තත්වයට සෘජුව බලපා ඇති බවයි.

කෙසේවෙතත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ ප්‍රාන්තය පුරා මාතෘ සෞඛ්‍ය සායන 41 ක් පමණ ආරම්භ කර ඇති අතර ගර්භණී සෞඛ්‍යය නංවාලීම සඳහා පියවර රැසක් ගැනීමට නියමිත බවයි.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »