මත්පැන් සීමා ව්‍යාප්ත කරන ලෙස බටහිර ඔස්ට්‍රේලියා පොලීසියෙන් ඉල්ලීමක්

Carnarvon තුළ දැනට ක්‍රියාත්මක මත්පැන් සීමා අනෙකුත් ප්‍රාදේශ තුළද බලාත්මක කරන ලෙස බටහිර ඔස්ට්‍රේලියා පොලීසිය, ප්‍රාන්ත බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මත්පැන් පාලන වගන්ති යටතේ Kimberley , Pilbara සහ Goldfield යන ප්‍රදේශ වල ඇල්කොහොල් සාන්ද්‍රණය අවම මට්ටමකින් යුත් පාන හැර අනෙකුත් සියලුම මත්පැන් වර්ග සදහා සීමා පැනවීම වඩාත් සුදුසු බවයි පොලිස් කොමසාරිස් Chris Dawson වැඩිදුරටත් පවසන්නේ.

Carnarvon ක්‍රියාත්මක මත්පැන් සීමා හේතුවෙන් එහි අපරාධ සියයට 40කින් පමණ අඩුවී ඇති බව පොලිස් වාර්තා මගින් තහවුරු වී තිබෙනවා.

මත්පැන් සීමා පැණවීම තුළින් ප්‍රාන්තය පුරා ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට මෙන්ම ප්‍රජා ආරක්ෂාවට ද ධනාත්මක ප්‍රතිඵල අත්වන බවයි පොලීසිය වැඩිදුරටත් පෙනවා දෙන්නේ.

කෙසේ වෙතත් ප්‍රාන්ත බලධාරීන් පෙන්වා දෙන්නේ මත්පැන් බලපත්‍ර සීමා ඇති කිරීමට පෙර ඒ පිළිබඳ තවදුරටත් සාකච්ජා කිරීම සහ උපදෙස් ලබාගැනීම අවශ්‍ය බවයි.

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »