මෙවර ලැව් ගිනි සමයේ වැඩිම බලපෑම එල්ලවිය හැකි ප්‍රදේශ නම් කෙරේ

තවත් සති කිහිපයකින් ආර්ම්භ වන මෙම වසරේ ලැව් ගිනි සමයේදී වැඩිම බලපෑම එල්ලවිය හැකි කලාප ඇතුළත් සිතියම නිකුත් කර තිබෙනවා.

ඊට අනුව ටස්මේනියා – බටහිර ඔස්ට්‍රේලියා සහ ACT ප්‍රාන්ත හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම ලැව්ගිනි අවධානම වැඩි ප්‍රදේශ ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

පසුගිය මාස කිහිපය පුරා අපේක්ෂිත වර්ෂාපතනයන් නොලැබීම හමුවේ වියළී ගිය ශාඛ කොටස් බහුලවීම හේතුවෙනුයි ගිණි ගැනීම් අවධානම ඉහළ මට්ටමක පවතින්නේ.

මෙවර ග්‍රීෂ්ම සෘතුව අධික උණුසුමකින් යුක්තවීම හමුවේ පෙර වසරවලට සාපේක්ෂව ලැව් ගිනි සිදුවීම් ද ඉහළ අගයක් ගනු ඇති බවටද අනාවැකි පළවනවා.

එබැවින් ආපදා අවධානම් වැඩිම ප්‍රදේශවල ජනතාවට දැන් සිටම ඒ සඳහා සූදානම් වන ලෙසයි ඔස්ට්‍රේලියානු බළධාරීන් දන්වා සිටින්නේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »