Search

නවතම NAPLAN ප්‍රථිඵල නිකුත් වෙයි – සිසුන් 1/3 ක් පසුපසින්

ඔස්ට්‍රේලියානු පාසල් සිසුන් අතුරින් 1/3 ක් පමණ අවම සාක්ෂරතා සහ ගණිතමය කුසලතා හැකියාවන් ළගාකරගෙන නොමැති බව තහවුරු වී තිබෙනවා.

අද නිකුත් කල NAPLAN දත්ත අනුව පෙනී යන්නේ සෑම සිසුන් 10 දෙනෙකුගෙන් අයෙකුටම අමතර සහයක් අත්‍යවශ්‍ය බවයි.

ප්‍රථිඵල නිකුත් කිරීමේ නව ශ්‍රේණිගත කිරීම හඳුන්වාදීමෙන් පසු පළමු දත්ත වාර්තාවයි අද මෙලෙස ප්‍රකාශයට පත් කෙරුණේ.

නව ශ්‍රේණිගත කිරීම අනුව අභිබවා යාම (Exceeding), ශක්තිමත් (Strong) , සංවර්ධනය වන (Developing) සහ අතිරේක සහය අවශ්‍ය (Needs additional support) ලෙස කාණ්ඩ 04 කට ප්‍රථිඵල වර්ග කිරීම සිදුවනවා.

අතිරේක සහය අවශ්‍ය වැඩිම සිසුන් පිරිසක් වාර්තා වන්නේ දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවලින් වීමද විශේෂත්වයක්.

සාක්ෂරතා මට්ටම අතින් ගැහැණු දරුවන් ද ගණිතමය කුසළතා අතින් පිරිමි දරුවන්ද ඉදිරියෙන් පසුවන බවයි අද නිකුත් කල NAPLAN දත්තවල සඳහන් වන්නේ.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »