ක්වීන්ස්ලන්ඩ් වේග සීමා කැමරා පුලුල් කිරීමට තවත් $ මිලියන 500 ක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වේග සීමා කැමරා වැඩසටහන පුලුල් කිරීමට තවත් ඩොලර් මිලියන 500 ක මුදලක් අනුමත වී තිබෙනවා.

ඒ අනුව පූර්ණ කාලීන සේවකයන් 39 දෙනෙකු බඳවා ගැනීමටත් තවත් ස්ථාන රැසක කැමරා සවි කිරීමටත් නියමිතයි.

පසුගිය වසරේදී ක්වීන්ස්ලන්ඩ් හි මාර්ග කැමරා මගින් හඳුනාගත් නීති කඩකල රියදුරන්ගෙන් උපයාගනු ලැබූ දඩ ආදායම ඩොලර් මිලියන 800 ක්.

නව කැමරා ස්ථාපිත කිරීමත් සමග එම ආදායම ඉදිරි වසරේදී තවත් ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

පසුගිය වසරේදී වැඩිම මාරක රිය අනතුරු මරණ වාර්තා වී තිබුණේද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙනුයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »