රියදුරු හිගය හේතුවෙන් හෝබාට් නගරයේ මෙට්‍රෝ ප්‍රවාහන සේවා කප්පාදු කිරීම සිදුවන බවට වෘත්තීය සමිති අනතුරු අගවා තිබෙනවා.
මේ හේතුවෙන් හෝබාට් හී දෛනික ගමන් වාර 155 ක් පමණ කප්පාදු කිරීමට සිදුවන අතර එම තත්වය සේවා වාර 190 දක්වා ඉහළ යා හැකි බවයි එම සංගම් පෙන්වා දෙන්නේ.
බදවා ගැනීම් හි පවතින ගැටලු සහ සේවයේ නියුතු රියදුරන්ගේ වු සෞඛ්‍ය සහ මානසික ව්‍යාකූලතා රියදුරු හිගය සඳහා බලපා තිබෙනවා
කෙසේ වෙතත් මේ තත්වය අවම කර ගනිමින් මගීන් සඳහා සාර්ථක පොදු ප්‍රවාහන පද්ධතියක් නගරය තුළ ස්ථාපිත කරන බව ප්‍රවාහන බලධාරීන් පවසනවා.
රියදුරු හිගය හේතුවෙන් දැනට සිටින රියදුරන් සඳහා විශාල මුදලක් ගෙවීමට සිදු වන බවයි වාර්තා වන්නේ.
මෙය ටස්මේනියා ආර්ථිකයට ද අහිතකර බලපෑම් එල්ල කර තිබෙනවා.