වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක කණිෂ්ඨ වෛද්‍යවරුන් නඩු මගට

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක කණිෂ්ඨ වෛද්‍යවරුන් ප්‍රාන්ත රජයන්හි සෞඛ්‍ය බළධාරීන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

අතිකාල නොගෙවීම – වැඩි පැය ගණනක් සේවය ගැනීම සහ අවිධිමත් සේවා මුර පාදක කරගෙනයි ඔවුන් මෙම තීරණවලට එළැඹී ඇත්තේ.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ACT යන ප්‍රාන්තවල කණිෂ්ඨ වෛද්‍යවරුන් විසින් මේ සඳහා පොදු එකගතාවයකට එළැඹී ඇති බවද සඳහන්.

අධික වෙහෙසට පත්ව සිටින කණිෂ්ඨ වෛද්‍යවරුන් විවේක නොමැතිව රෝගී සත්කාරක සේවා සඳහා යෙදවීම භයානක තත්වයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ කණිෂ්ඨ වෛද්‍යවරුන්ගේ දිනයක සේවා මුර කාලය පැය 14 කට අඩු කර ඇතත් එය තවත් අඩුවිය යුතු බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

අධික කාලයක් විවේක නොමැතිව රාජකාරි කිරීම හමුවේ වෛද්‍යවරුන්ගෙන් සියයට 60 ක් පමණ කුමන හෝ අත්වැරැද්දක් සිදුකරන බව මෑතකදී සමස්ත ඔස්ටේ්‍රලියාවම ආවරණය වන පරිදි සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වුණා.

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »