සිඩ්නි අලුත් ගොඩනැගිලිවලටත් ගෑස් තහනමක්

අලුතින් ඉදි කරන ගොඩනැගිලි සඳහා ගෑස් සබඳතා තහනම් කෙරෙන යෝජනාව සිඩ්නි නාගරික කවුන්සිලය විසින් ද සම්මත කරගෙන තිබෙනවා.

ඊට අදාළව පැවති ඡන්ද විමසීමේදී සභිකයන් 10 දෙනෙකුගෙන් 08 දෙනෙකුම එම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් කෙදින සිට මෙම තහණම බලාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ.

වික්ටෝරියා සහ ACT ප්‍රාන්ත විසින් සමස්ත ප්‍රාන්ත පුරාම බලපැවැත්වෙන පරිදි ගෑස් තහනම් සම්මත කරගෙන ඇති අතර නිවු සවුත් වේල්ස් හි නාගරික කවුන්සිල මට්ටමින් එවැනි යෝජනා සම්මත කර ගනිමින් පවතිනවා.

නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් පසුගියදා සඳහන් කලේ සමස්ත ප්‍රාන්තයට බලපැවැත්වෙන පරිදි එවැනි යෝජනාවක් ගෙන ඒමට අපේක්ෂාවක් නොමැති බවයි.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »