නීති කඩන රියදුරන් කැමරාවලින් හඳුනාගැනීම ටස්මේනියාවේත් ඇරඹෙයි

මාර්ග ධාවන නීති කඩකරන රියදුරන් කැමරා ආශ්‍රිතව හඳුනාගැනීමේ වැඩපිළිවෙලක් ටස්මේනියා ප්‍රාන්තය තුළද ආරම්භ කර තිබෙනවා.

ගතවූ පැය 43 ක කාලය තුළ එවැනි රියදුරන් 339 දෙනෙකු හඳුනාගත් බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

කැමරා 14 ක් මෙලෙස සක්‍රීය කර ඇති අතර දැනට නියමු ව්‍යාපෘතියක් ලෙසයි එය ක්‍රියාත්මක වන්නේ.

ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම මෙන්ම ආසන පටි නොපැළඳ රථවාහන ධාවනය පිළිබඳවයි එහිදී වැඩි වශයෙන් අවධානය යොමු කරනු ලබන්නේ.

ටස්මේනියා ප්‍රාන්ත නීතියට අනුව මෙම වරද සඳහා ඩොලර් 390 ක දඩයක් මෙන්ම අප්‍රසාද ළකුණු 03 ක් ද නියම කල හැකියි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය විසින් 2021 වසරේදී මෙම වැඩපිළිවෙල පළමු වරට ආරම්භ කල අතර පළමු වසර තුළදී ඩොලර් මිලියන 159 ක දඩ මුදල් ආදායමක් ප්‍රාන්ත රජයට උපයා දී තිබුණා.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »