ඔස්ට්‍රේලියාවේ වර්ජනයක් හේතුවෙන් යුරෝපයේ ගෑස් මිළ ඉහළට

බටහිර ඔස්ට්‍රේලියාවේ LNG බලාගාරයක සේවක වර්ජනයක් හේතුවෙන් යුරෝපයේ ගෑස් මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළයාමේ අවධානමක් මතුවී තිබෙනවා.

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් ලබන සැප්තැම්බර් 02 වනදා සිට වර්ජනයක නිරතවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

යුරෝපයට වැඩි වශයෙන් LNG ගෑස් අපනයනය කරන බලාගාරයක් ලෙසයි මෙය සැළකෙන්නේ.

මෙම වර්ජන අනතුරු ඇගවිමත් සමග ඊයේ දිනයේදී යුරෝපා සංගමයේ රටවල සහ මහා බ්‍රිතාන්‍යයේ ගෑස් මිළ සියයට 10 කින් පමණ වැඩිවී ඇති බව සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියාවේ තවත් LNG බලාගාර 02 ක් ද මෙම වර්ජනයට සහය පළකිරීමට සූදානමින් සිටින අතර ඊට අදාළ ඡන්ද විමසීමක් අනිද්දා දිනයේදී පැවැත්වීමට නියමිතයි.

ලෝක LNG සැපයුමෙන් සියයට 10 ක් පමණ සපයනු ලබන්නේ මෙම බලාගාර 03 විසින් බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »