ඇඩිලේඩ් පාසල් සහ රෝහල් ගණනාවකට බෝම්බ තර්ජන

ඇඩිලේඩ් නගරයේ පාසලකට ඊ-මේල් හරහා ලැබුණු බෝම්බ තර්ජනයක් හේතුවෙන් වහා සිසුන් ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම නැවත දැනුම් දෙන තුරු සිසුන් පාසලට එවීමෙන් වළකින ලෙසයි පාසල් පාලනාධිකාරිය විසින් දෙමව්පියන්ට දැනුම්දී ඇත්තේ.

මෙලස බෝම්බ තර්ජනයක් එල්ල වී ඇත්තේ නැගෙගහිර ඇඩිලේඩ් හි ශාන්ත පීටර් ප්‍රාථමික විද්‍යාලයටයි.

මේ අතර දකුණු ඔස්ටේ්‍රලියා පොලිසිය පවසන්නේ පසුගිය සතිය පුරා පාසල් සහ රෝහල් ගණනාවකට බෝම්බ තර්ජන ලැබී ඇති බවයි.

පසුගිය පැය 24 පුරා එම තත්වයෙහි ඉහළයාමක් නිරීක්ෂණය වන බවද දකුණු ඔස්ටේ්‍රලියා පොලිසිය නිවේදනය කර සිටිනවා.

කිසියම් ආයතනයකට මෙවැනි තර්ජනයක් ලද වහා නිසි ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

SOURCE : https://7news.com.au/news/sa/east-adelaide-school-receives-bomb-threat-students-advised-to-stay-home-c-11664566

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »