ඔස්ට්‍රේලියාවේ ගොවි සංගම්වලින් සුපිරි වෙළඳසැල්වලට චෝදනා

එළවලු සහ පළතුරු වෙනුවෙන් පාරිභෝගිකයන් වැඩි මුදලක් ගෙවනු ලැබුවද තමන්ට හිමිවනුයේ ඉතා සුලු මුදලක් පමණක් බවට ගොවීන් චෝදනා කරනවා.

නිවු සවුත් වේල්ස් ගොවීන්ගේ සංගම් විසින් සිදුකර ඇති සමීක්ෂණයක දැක්වෙන්නේ ප්‍රාන්තයේ ගොවි ව්‍යාපාර අතුරින් සියයට 64 ක පමණ පසුගිය මාස 12 දී මෙහෙයුම් කටයුතු අයහපත් අතට පත්වී ඇති බවයි.

ව්‍යාපාර වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ සියයට 12 ක පමණයි.

එළවලු – පළතුරුවලට අමතරව මස් සහ ධාන්‍ය නිෂ්පාදන වෙනුවෙන් ගොවීන්ට ලැබෙන මුදලෙහි ප්‍රතිශතයද උද්ධමනයට සාපේක්ෂව පහළ අගයක් ගෙන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

සුපිරි වෙළඳසැල් ඇතුලු අතරමැදියන් මීට සෘජුව වගකිවයුතු බවටද ගොවීන් චෝදනා කරනවා.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »