ඔස්ට්‍රේලියානු යුධ නෞකා සඳහා $ බිලියන 1.3 ක කෲස් මිසයිල 200 ක් මිලදී ගනී

ඔස්ට්‍රේලියානු යුධ නෞකා සඳහා දිගු දුර නාවුක ප්‍රහාර වෙනුවෙන් ඩොලර් බිලියන 1.3 ක වටිනාකමකින් යුත් කෲස් මිසයිල 200 ක් මිලදී ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

අමෙරිකාවේ නිෂ්පාදනය කරනු ලබන ටොමහෝක් වර්ගයේ මෙම මිසයිලවලට කිලෝමිටර 1500 ක පමණ දුරකින් යුත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

දැනට ඔස්ට්‍රේලියාවේ පවතින මිසයිල වල උපරිම ධාරිතාව කිලෝමීටර 300 ක්.

ගුවන් සහ සමුද්‍ර තර්ජන හඳුනා ගැනීමට හා ඊ‌ට ප්‍රතිචාර දැක්වීමට අදාළ නව රේඩාර් පද්ධතියක් ද මේ යටතේ හඳුන්වාදීමට නියමිතයි.

මීට අමතරව ඩොලර් මිලියන 431 ක වටිනාකමකින් යුත් විකිරණ ප්‍රතිවිරෝධී මිසයිල 60 ක් සහ යුධ ටැංකි නාශක මිසයිල ඇතුළත් ඩොලර් මිලියන 50 ක් වටිනා යුධමය වාහන මිලදී ගැනීමට ද ෆෙඩරල් රජය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සහතික කිරීම මෙම මිළදී ගැනීම්වල අරමුණ බවයි ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »