“මෝල්ටාවේ සල්ලි දාලා නෑ – පුලුවන් නම් ඔප්පු කරන්න”

මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු සඳහන් කළේ, අදාළ චෝදනා ඔප්පු කරන ලෙස තමා එම පිරිස් වෙත අභියෝග කරන බවය.

ගම්පහ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේය.

“අපි දූපත්වල සල්ලි ආයෝජනය කරනවා කියලා එක්කෙනෙක් කියනවා. කිව්වට පස්සේ තිස්ස කුට්ටියා කියනවා අපිට දඬුවම් දෙන්න ඕනේ කියලා. ටික දවසකින් මාව හිරේ යවනවා ලු.

මමත් අපේ පක්ෂයේ කිසිවෙක් මේ රටේ මහජනයාගේ මුදල් සතයක් හොරකම් කරලා නෑ. එහෙම නාස්ති කරලා තියෙනවා නම් මේ විදියට අපිට දේශපාලනය කරන්න වෙන්නේ නෑ. දවසක් පාර්ලිමේන්තුවේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දු කිව්වා මට වංචනිකයින්ට, දූෂිතයින්ට දඬුවම් දෙන්න මට බලය තියෙනවා කියලා. මං නැගිටලා කිව්වා, ඒ බලය තිබුණානම් ඉස්සරහා පේළියේ ගොඩක් අය ඇතුළේ කියලා.

අපි මඩ, අවලාද කිසිදේකට සැලෙන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. මෙහෙම දේශපාලන බෙදීමක් ලංකාවේ මෑත කාලයේ සිදුවුණේ නෑ. ඒගොල්ලේ වෙන වෙන බෙදීම් හැදුවා. එකිනෙකා ඇනකොටා ගන්නා රටක් හැදුවා ඒ අය.

බැහැයි පළමු වතාවට ප්‍රභූ දුෂිත පැලැන්තියට එරෙහිව පොදු ජනයාගේ ඒකාබද්ධතාවය සහිත ව්‍යාපාරය ගොඩනැගිලා තියෙනවා. ඒක තමා අවස්ථාව. මේක තමා අත්පත් කරගත යුතුම අවස්ථාව.”

CREDIT / SOURCE – ADA DERANA

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »