NSW වැඩිම පාරිභෝගික පැමිණිලි සැම්සුන් සමාගමට එරෙහිව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාරිභෝගික පැමිණිලි අතුරින් වැඩිම සංඛ්‍යාව සැම්සුන් සමාගමට එරෙහිව ලැබී තිබෙනවා.

භාණ්ඩ සහ සේවාවල වූ ගුණාත්මකභාවයේ ගැටලූ / නැවත මාරු කිරීම් වලදී පවතින දුෂ්කරතා ඇතුලු කරුණු හේතුවෙන් පාරිභෝගිකයින් විසින් ගොණුකල පැමිණිලි පිළිබඳ තොරතුරු අද ප්‍රකාශයට පත් කෙරුණා.

වසරේ මේ දක්වා කාලය තුළ සැම්සුන් සමාගමට එරෙහිව පැමිණිලි 416 ක් ද Tru Water සන්නාමයට එරෙහිව පැමිණිලි 321 ක් හා Ticketek සමාගමට එරෙහිව පැමිණිලි 281 ක් වාර්තා වනවා.

පාරිභෝගික භාණ්ඩ ‌හා සේවා ගැටලූ සම්බන්ධව වාර්ෂිකව පැමිණිලි අසු දහසක් පමණ ඉදිරිපත් වන අතර 2023 වසරේ මේ දක්වා පැමිණිලි 38,000ක් පමණ ලැබී ඇති බව සඳහන්.

මේ පිළිබඳ අදහස් දක්වමින් සැම්සුන් සමාගම පෙන්වා දෙන්නේ පාරිභෝගික පැමිණිලි අවම කරගනිමින් සාධාරණ සේවාවක් පාරිභෝගිකයින් වෙත සැපයීමට කටයුතු කරන බවයි.

අගතියට පත් පාරිභෝගිකයින්ගෙන් සැම්සුන් සමාගම සමාව අයැද සිටිනවා.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »