AMP මූල්‍ය විශමාචාර චෝදනා නඩුව $ මිලියන 110 ක වන්දි ගෙවීමෙන් සමතයකට

මූල්‍ය විශමාචාර චෝදනාවක් සම්බන්ධව ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක් වන AMP සමාගමට එරෙහිව ගොනුකර තිබූ නඩුව වසර 05 කට පසු ඩොලර් මිලියන 110 වන්දියක් ගෙවීමෙන් අනතුරුව සමතයකට පත්කර ගැනීමට එකගතාවය පළවී තිබෙනවා.

කිසිදු සේවාවක් ලබා නොගත් ගනුදෙනුකරුවන්ගෙන් ගාස්තු අයකර ගැනීමට AMP සමාගම කටයුතු කර තිබු අතර ඔවුන් එය දැනගැනීමෙන් පසුව පවා ඔස්ට්‍රේලියා මූල්‍ය කොමිසම දැනුවත් කිරීමට පියවර ‌ගෙන තිබුණේ නැහැ.

කෙසේවෙතත් බැංකු කටයුතු පිළිබඳ රාජකීය කොමිසම විසින් AMP මූල්‍ය සමාගමේ විෂමාචාරයන් හෙළිදරව් කිරීමෙන් අනතුරුව 2018 වසරේ දී එහි කොටස් හිමියන් විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

නඩු වාර 15 ක් ශ්‍රේෂ්ඨාධීකරණයේ ‌විභාග වු මෙම නඩුව තවදුරටත් දීර්ඝ කිරීමෙන් තොරව අවසන් කිරීමටයි කොටස් හිමියන් අද එකගතාව පල කර ඇත්තේ.

රාජකීය කොමිසම විසින් සිදුකල අනාවරණයත් සමග AMP සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරුවලින්ද ඉල්ලා අස්වුණා.

කෙසේ වෙතත් ‌මෙම වසරට අදාළව කොටස් හිමියන් සඳහා වූ ප්‍රතිලාභ ලබා ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව ද AMP සමාගම වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »