දැවැන්ත ව්‍යාපාර උපයන ලාභයට බද්දක් පැණවීම ලේබර් පක්ෂ සමුලුවේදී ප්‍රතික්ෂේපයි

බැංකු ඇතුලු දැවැන්ත ව්‍යාපාර උපයන ලාභ සඳහා අධික බද්දක් පණවන ලෙසට වෘත්තිය සමිති විසින් කරන ලද ඉල්ලීමක් ලේබර් පක්ෂ සමුලුවේදී ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඉදි කිරීම් – පතල් – වන සංරක්ෂණ සහ බලශක්ති ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති විසිනුයි මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ.

එවැනි බද්දක් පැණවුවහොත් 2041 වසර වනවිට ඩොලර් බිලියන 511 ක අමතර ආදායමක් උපයා ගත හැකි බවත් එම මුදලින් නිවාස 750,000 කට වැඩි සංඛ්‍යාවක් ඉදිකල හැකි වනු ඇති බවත් එම යෝජනාවේ සඳහන්.

කෙසේවෙතත් මෙම යෝජනාව ක්‍රියාත්මක කල හොත් ව්‍යාපාර කඩා වැටිය හැකි බවත් එම බද්දෙහි බර ද සාමාන්‍ය ජනතාව මත පැටවෙනු ඇති බවටත් ලේබර් පක්ෂ නියෝජිතයන් විසින් පෙන්වා දී තිබුණා.

ඒ වෙනුවට නිවාස අර්බුදයට ස්ථිර විසඳුමක් ගෙන එ බවටයි අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් සහතික වී ඇත්තේ.

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »