මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාර නිර්දේශ ප්‍රසිද්ධ නොකිරීමේ තීරණයක්

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකගේ දත්ත සොරාගනු ලැබූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් සමාලෝචනයට පත් කල කමිටුව ලබාදුන් නිර්දේශ සියල්ල මෙඩිබෑන්ක් ආයතනය විසින් පිළිගෙන තිබෙනවා.

සිය පරිඝණක පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම ඇතුලු ඉදිරි ක්‍රියාමාර්ග ගණනාවක් ඒ අතර වනවා.

කෙසේවෙතත් ආරක්ෂක හේතු මත සියලුම නිර්දේශ කවරේද යන්න මෙඩිබෑන්ක් විසින් මේ දක්වා ප්‍රකාශයට පත්කර නැහැ.

2022 ඔක්තෝබර් මාසයේදී සිදුවූ මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරය හරහා ගණුදෙනුකරුවන් මිලියන 9.7 කගේ පමණ දත්ත අනවසර පිවිසීමකට ලක්ව ඇති බවටයි අනාවරණය වූයේ.

උපන්දින – Medicare අංක ඇතුලු අතිශය සංවේදී දත්ත ඒ අතර වුණා.

ඒ අනුවයි මින් ඉදිරියට මෙවැන්නක් සිදු නොවීම පාදක කරගෙන අනුගමනය කල යුතු නිර්දේශ ලබාදීම සඳහා අදාළ සමාලෝචන කමිටුව පත් කරනු ලැබුවේ.

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »