Matilda’s නිසා ඔස්ට්‍රේලියා ආර්ථිකයට $ බිලියන 7.6 ක ආදායමක්

මැටිල්ඩාස් ලෙසින් හැඳින්වෙන ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම විසින් මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලානයේ මේ දක්වා කාලය තුළදී පමණක් ඩොලර් බිලියන 7.6 ක මුදලක් ඔස්ට්‍රේලියා ආර්ථිකයට ලබාදී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

තරග ප්‍රවේශ පත්‍ර ආදායම මෙන්ම ඒ හා සම්බන්ධ අනෙකුත් සිල්ලර අලෙවි කිරීම් හරහායි මෙම ආදායම උපයා ඇත්තේ.

අද රාත්‍රියේ පැවැත්වෙන ප්‍රංශ කණ්ඩායමට එරෙහි තරගයෙන් ජය ලබා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවහොත් මෙම මුදල තවත් ඉහළ යනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

මෙම ඩොලර් බිලියන 7.6 න් ඩොලර් බිලියන 4.53 ක් ම තරග නැරඹීම සඳහා පැමිණි විදේශිකයන්ගෙන් ලැබුණු විදේශ විනිමය බවයි පැවසෙන්නේ.

තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ආසන්නයේ පිහිටා ඇති හෝටල්වල කාමර සියල්ලම පාහේ වෙන් කරවාගෙන අවසන් බවටද අනාවරණය වී තිබෙනවා.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම ආදායමක් උපයා ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් වන අතර එය ඩොලර් බිලියන 3 කට ආසන්නයි.

වික්ටෝරියා ප්‍රාන්තය ඩොලර් බිලින 2.3 ක් / ක්වීන්ස්ලන්ඩ් ඩොලර් බිලියන 1.55 ක් / බටහිර ඔස්ට්‍රේලියාව ඩොලර් මිලියන 663.2 ක් සහ දකුණු ඔස්ට්‍රේලියාව ඩොලර් මිලියන 161 ක් උපයාගෙන ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »