සිඩ්නි ස්ටාර් කැසිනෝ සඳහා $ මිලියන ගණනක දැවැන්ත බදු සහනයක්

සිඩ්නි හි ස්ටාර් කැසිනෝ මධ්‍යස්ථානය සඳහා ඩොලර් මිලියන ගණනක දැවැන්ත බදු සහනයක් ලබාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පැවති ලිබරල් සන්ධාන රජය විසින් පණවන ලද විශාල බද්දක් ඉවත් කෙරෙන බවයි ලේබර් පක්ෂ රජය දන්වා සිටින්නේ.

අධික බදු මුදලක් ගෙවීමට සිදුවුවහොත් ඇතැම්විට ස්ටාර් කැසිනෝ ආයතනය වසා දැමීමට පවා සිදුවනු ඇති බවත් එසේ වුවහොත් රැකියා දහස් ගණනක් අහිමිවනු ඇත බවට උපකල්පනය කර මෙම සහනය ලබාදෙන බවත් ප්‍රාන්ත රජය සඳහන් කරනවා.

පැවති රජය විසින් අදාළ බද්ද පණවා ඇත්තේ කිසිදු අදහස් විමසීමකින් තොරව බවටයි චෝදනා එල්ල වන්නේ.

කිසියම් අයුරකින් එය ක්‍රියාත්මක වූයේ නම් ඉදිරි වසර 04 තුළදී සිඩ්නි ස්ටාර් කැසිනෝ ආයතනයට ගෙවීමට නියමිත වු බදු මුදල ඩොලර් මිලියන 364 ක්.

මෙම බදු සහනය වෙනුවෙන් සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවිය යුතු කොන්දේසි ගණනාවක් ස්ටාර් කැසිනෝ ආයතනය විසින් සම්පූර්ණ කල යුතු වනවා.

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

Read More »

මෙල්බන් සරසවියේ කඳවුරු බැඳපු සිසුන්ට අනතුරු ඇඟවීමක්

විරෝධතා නතර කර සරසවි ගොඩනැගිලිවලින් ඉවත් නොවන්නේ නම් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරීමට සිදුවන බවට මෙල්බන් විශ්ව විද්‍යාලයේ විරෝධතාවයේ නිරත පලස්තීන හිතවාදී සිසුන්ට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

Read More »

හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය අතරින් පළමු තැන ඔස්ට්‍රියාවට

යුරෝපයේ හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය ශ්‍රේණිගත කිරීම් අතර ඔස්ට්‍රේලියානු ගුවන් සේවා කාර්ය මණ්ඩලය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »