
සති 08 ක් පුරා දකුණු ඔස්ට්‍රේලියාවම ආවරණය වන පරිදි සිදුකල වැටලීම්වලදී අනවසර e-දුම්වැටි 2800 කට වැඩි ප්‍රමාණයක් වටලා තිබෙනවා.
ව්‍යාපාරික ස්ථාන 152 ක් මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති බව සඳහන්.
වටලනු ලැබූ e-දුම්වැටි අතුරින් 1600 ක පමණ නිකොටීන් අන්තර්ගතවී තිබූ බවයි රසායනාගාර පරීක්ෂාවලදී අහළිවී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු නීතියට අනුව ඉලෙක්ට්‍රොනික දුම්වැටිවල නිකොටීන් අඩංගුවීම නීති විරෝධි ලෙසටයි සැළකෙන්නේ.
එම නියමයන් කඩ කළහොත් ඩොලර් 10,000 ක උපරිමයකට යටත්වන දඩයක් නියම කල හැකි වනවා.
