දුෂ්කර ප්‍රදේශවලට යාමට කැමති NSW සෞඛ්‍ය සේවක දීමනාව $ 20,000 දක්වා ඉහළට

දුෂ්කර ප්‍රදේශවල සේවයට යාමට කැමති සෞඛ්‍ය සේවකයන්ට ලබාදීමට එකග වූ දීමනාව ඩොලර් 10,000 සිට 20,000 දක්වා ඉහළ නැංවීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

මෙමගින් සේවක හිගය මග හරවා ගැනීමට හැකි වනු ඇති බවටයි ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් අනාවැකි පළ කරන්නේ.

වැටුප් වර්ධක – ප්‍රසාද දීමනා – විවිධ ගාස්තු ගෙවීම් වැනි දෑ මෙම ඩොලර් 20,000 පැකේජයට ඇතුළත් වනවා.

අමතර නිවාඩු – නිවාස කුළී පියවීම් මෙන්ම නොමිළයේ පුහුණු අවස්ථා ද ඊට ඇතුළත් බවයි පැවසෙන්නේ.

දුෂ්කර ප්‍රදේශ රැසක වෛද්‍යවරුන් – හෙදියන් ඇතුලු සෞඛ්‍ය සේවකයන් ගේ උග්‍ර හිගයක් මේ වනවිට පවතිනවා.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »