මැලේසියාවද ඔස්ට්‍රේලියාවෙන් ගවයන් ආනයනය අත්හිටුවයි

COW

ඔස්ට්‍රේලියාවෙන් ගවයන් ආනයනය අත්හිටුවීමට මැලේසියාවද තීරණය කර තිබෙනවා.

ගවයන් අතර පැතිර යන සමේ ගැටිති රෝගය ඊට හේතුවයි.

මේ අනුව පසුගිය සතියේදී ඉන්දුනීසියාව අනුගමනය කල ආකාරයෙන් ඔස්ට්‍රේලියාවේ ආයතන 04 කින් ගවයන් ගෙන්වීම අත්හිටුවීමටයි මැලේසියාවද තීරණය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ සිට ඉන්දුනීසියාවට ගෙන්වන ලද ගවයන් 13 දෙනෙකුට සමේ ගැටිති රෝගය ආසාධනය වී ඇති බවටයි පසුගිය සතියේදී අනාවරණය වූයේ.

මේ අතර අදාළ තහනම සම්බන්ධයෙන් මැලේසියානු බළධාරීන් සමගද සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු බළධාරීන් තීරණය කර තිබෙනවා.

පසුගිය වසර 05 තුළදී මෙරටින් මැලේසියාවට අපනයනය කරන ලද ගවයන් සංඛ්‍යාව 20,000 කට අධිකයි.

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »