
ශීත ඝෘතුවේ හිම කලාප නැරඹීමට යන ඔස්ට්‍රේලියානුවන්ට ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.
කඳු තරණයට බොහෝ පිරිසක් උනන්දුවක් දැක්වුවද බොහෝ පිරිසකට ඒ සම්බන්ධව නිසි පුහුණුවක් නොමැති වීම ඊට හේතුවයි.
වික්ටෝරියා මවුන්ට් හොතම් ප්‍රදේශයේදී දින කිහිපයකට පෙර කාන්තාවක කඳු තරණය අතරතුර අතුරුදන්වීමේ සිද්ධිය මීට ආසන්නතම හේතුව වී තිබෙනවා.

කඳු තරණය අතරතුර සිදුවන මගහැරීම් අවම කිරීමට නිසි සන්නිවේදන උපකරණ මෙන්ම ප්‍රදේශ සිතියම් ළග තබා ගැනීම අනිවාර්ය බව ද අවධාරණය කෙරෙනවා.
හිම කලාප වෙත ඇතුල්වීමේ දී තනි පුද්ගලයකු වශයෙන් නොව දෙදෙනෙකු හෝ පිරිසක් සමග එක්ව යන ලෙසයි උපදෙස් ලබා දෙන්නේ.

කදු තරනය අතරතුර අනතරක් සිදුවුව ද ඒ පිළිබඳ ආපදා සහන අංශ තොරතුරු දැනගැනීමට නිසි පරිදි සන්නිවේදන ක්‍රම සහ අදාළ මෙවලම් සක්‍රීයව පවත්වාගෙන යෑම වැදගත් බවද සිහිපත් කෙරෙනවා.
එසේම කදු තරණයේ දී ඉදිරි මාර්ගය සම්බන්ධ යම් ගැටලූකාරි තත්වයක් මතුවුවන්නේ නම් ඉදිරියට යෑම නවතා එම ස්ථානයේ නැවති සිටීම මගින් මුදාගැනීමේ කණ්ඩායම්වලට ළගාවීමට පහසු වන බව ද දැනුම් දීමක් සිදු කෙරෙනවා.