
ඔස්ට්‍රේලියාවේ ලිපි බෙදා හැරීමේ රාජකාරි වල නිරත වන පුද්ගලයින් රාජකාරි අතරතුර අවම වශයෙන් සතියට එක් වරක් හෝ අනතුරට ලක්වන බව නවතම වාර්තා පෙන්වා දෙනවා.
පසුගිය වසරේ දී පමණක් ඔවුන් 65 දෙනෙකු පමණ විවිධ අනතුරුවලට ලක්ව බරපතල තුවාල ලබා ඇති බව සඳහන්.
මෙලෙස රාජකාරී අතර තුළ අනතුරට ලක්වීම හේතුවෙන් ලිපි බෙදා හරින්නන් දැඩි මානසීක ආතතියකට ද පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස රාජකාරි අතරතුර අනතුරට පත්වීමේ වැඩිම අවධානමක් ඇත්තේ නිවු සවුත් වේල්ස් සේවකයන් වන අතර දෙවන ස්ථානයේ පසුවන්නේ වික්ටෝරියා ප්‍රාන්තයයි.
තැපැල් බෙදා හැරීම රටේ අත්‍යාවශ්‍ය සේවයක් වන අතර එහි ආරක්ෂාව ප්‍රමුඛ කාර්යයක් කළ යුතු බවයි වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ.

ඉදිරියේ දී එළඹෙන උත්සව සමයත් සමග ලිපි බෙදා හැරීම වේගවත් කළ යුතු අතර ආරක්ෂාව සම්බන්ධයෙන් රාජකාරී වල නිරත වන්නන් වැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද වැඩිදුරටත් සඳහන්.
ඔස්ට්‍රේලියාවේ ලිපි බෙදා හැරීමේ රාජකාරි වල නිරත වන පුද්ගලයින් සුනඛ සපාකෑම්වලට ලක්වීමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින බවටද පසුගියදා වාර්තා වුණා.