ක්වීන්ස්ලන්ඩ් හරිතාගාරවල ගංජා ජාවාරමක් – වික්ටෝරියානුවන් පිරිසක්ද කොටුවෙයි

ඩොලර් මිලියන 60 කට ආසන්න වටිනාකමින් යුත් ගංජා පැළ තොගයක් සමග සැකකරුවන් 11 දෙනෙකු ක්වීන්ස්ලන්ඩ් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රාදේශීය කලාපයක ස්ථාන කිහිපයක මෙම වගාවන් පවත්වාගෙන ගොස් තිබූ බව සඳහන්.

හරිතාගාර පවත්වාගෙන යන මුවාවෙන් මෙම ජාවාරම් සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් විසින් වගා කර ඇති ගංජා සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා බෙදා හැර ඇති බවටද චෝදනා එල්ල වනවා.

අත්අඩංගුවට පත්වූවන් අතර වික්ටෝරියා හි පදිංචි අවුරුදු 30- 38 සහ 55 යන වියෙහි පසුවන්නන් 03 දෙනෙකු ද වන බවයි පැවසෙන්නේ.

මොවුන් ලබන ඔක්තෝබර් 03 වනදා අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »