ෆේස්බුක් හරහා ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කල බිත්තර ජාවාරමක්

ෆේස්බුක් හරහා සිදුකරන බිත්තර ජාවාරමක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇගවෙනවා.

කිකිළි – තාරා සහ පාත්ත බිත්තර ඉතා අඩු මුදළකට මිලදී ගත හැකි බවටත් අවසාන බිත්තර තොගය පමණක් ඉතිරිව ඇති බවටත් ෆේස්බුක් හරහා දැන්වීම් පළකිරීමයි පළමුවෙන් සිදුවන්නේ.

එය තහවුරු කිරීම සඳහා අදාළ ගොවිපළවල ඡායාරූප පවා පළකර ඇති බව සඳහන්.

ඊට ප්‍රතිචාර දක්වන පුද්ගලයන්ට පුද්ගලික පණිවිඩයක් හරහා මුදල් ගෙවිය හැකි PayPal ගිණුමක් පිළිබඳ තොරතුරු ලබාදීම අනතුරුව සිදුවන අතර මුදල් ගෙවූ බව දැක්වෙන තහවුරු කිරීමක්ද ඔවුන් වෙත යැවිය යුතුයි.

කෙසේවෙතත් ඉන්පසු අදාළ ෆේස්බුක් දැන්වීම ඉවත් කර ගැනෙන අතර ඇතැම්විට මෙම වංචාව සිදුකරන තැනැත්තන්ගේ ෆේස්බුක් ගිණුම් අක්‍රීය කර ඇති ආකාරයක්ද දැකගත හැකියි.

මුදල් ගෙවන පුද්ගලයා ඔවුන්ගේ කැමැත්තෙන් මුදල් ගෙවන බැවින් මේ සම්බන්ධයෙන් තමන්ටද කල හැකි යමක් නොමැති බවයි PayPal ආයතනයද අවධාරණය කර ඇත්තේ.

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

Read More »