හෝටල් නිරෝධායන ගාස්තු හිගයක් ගැන ප්‍රාන්ත 02 ක් අතර මතභේදයක්

කොවිඩ් සමයේ හෝටල් නිරෝධායන ගාස්තු වෙනුවෙන් ඩොලර් මිලියන 105 ක මුදලක් ගෙවන ලෙස නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයට දන්වා තිබෙනවා.

කිසියම් අයුරකින් එය නියමිත කාලයේදී නොගෙවන් නම් ඉදිරියේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයට සිදුකල යුතු ගෙවීම්වලින් අඩු කර ගන්නා බවයි නිවු සවුත් වේල්ස් භාණ්ඩාගාරිකවරයා අවධාරණය කරන්නේ.

අදාළ හිග මුදල සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ක්වීන්ස්ලන්ඩ් රජය දැනුවත් කෙරුණද මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවට ඔහු චෝදනා කරනවා.

නිරෝධායන කාල සීමාව ආරම්භයේදී එක් අයෙකුගෙන් සති 02 කට ඩොලර් 3,000 ක මුදලක් අය කෙරුණද පසුව එම මුදලද අඩු කිරීමට පියවර ගත් බව නිවු සවුත් වේල්ස් රජය සිහිපත් කරනවා.

එමෙන්ම 7,000 කට ආසන්න පිරිසකගෙන් කිසිදු මුදලක් අය නොකෙරුණු බවද නිවු සවුත් වේල්ස් භාණ්ඩාගාරිකවරයා පෙන්වා දෙනවා.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »