demerit points අඩු කර ගැනීමට NSW රියදුරන්ට අවස්ථාව

අප්‍රසාද ළකුණු (demerit points) සංඛ්‍යාව අඩු කර ගැනීමට නිවු සවුත් වේල්ස් රියදුරන්ට අවස්ථාව හිමිවන නව පණත් කෙටුම්පත නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් සම්මත කරගෙන තිබෙනවා.

ඒ අනුව කිසියම් රථවාහන වරදකට අදාළව නියම වී ඇතත් පසුගිය ජනවාරි 17 වනදා සිට වසරක් කාලයක් තුළ කිසිදු වරදක් සිදුනොකරන රියදුරන්ට මෙම අවස්ථාව උදාවනු ඇති.

මේ හරහා ප්‍රාන්තයේ රියදුරන් මිලියන 17 කට පමණ සහනයක් උදාවනු ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අවධාරණය කරන්නේ.

සාමාන්‍යයෙන් එක් අප්‍රසාද ළකුණක් ඉවත් කර ගැනීම සඳහා රියදුරෙකුට වසර 03 කට ආසන්න කාලයක් ගත වන බව සඳහන්.

පසුගිය ප්‍රාන්ත මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන අතර පළමුවෙන් නියමු ව්‍යාපෘතියක් ලෙසයි එය ක්‍රියාවට නැංවෙන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »