ඔස්ට්‍රේලියාව තුළ තනි රැකියාවකට වඩා නිරතවන පිරිස 950,000 දක්වා ඉහළට

ඔස්ට්‍රේලියාව තුළදී තනි රැකියාවකට වඩා නිරතවන පිරිස 950,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය සමස්ත ශ්‍රම බලකායෙන් සියයට 6.6 ක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල නවතම දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

මෙය පසුගිය දෙසැම්බර් කාර්තුවට වඩා සේවකයන් 20,000 ක පමණ ඉහළ යාමක් ද වනවා.

මෙරට තුළ රැකියාවල නිරත වන කාන්තාවන් අතුරින් සියයට 7.7 ක් ද පුරුෂයන් අතුරින් සියයට 5.7 ක්ද රැකියා 02 ක් හෝ ඊට වැඩි ගණනක නිරත වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

වයස් කාණ්ඩ සැළකීමේදී බහු රැකියාවල නිරතවන්නන් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ අවුරුදු 15-19 සහ 20-24 යන වයස් කාන්ඩ 02 යි.

රැකියා ක්ෂේත්‍ර සැළකීමේදී ප්‍රජා සහ පුද්ගලික සේවාවල නිරත වැඩි පිරිසක් එලෙස රැකියා කිහිපයක නිරතවන්නන් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පෙන්වා දෙන්නේ.

මීට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ පවතින ආර්ථික තත්වය හමුවේ තනි රැකියාවකින් ලැබෙන වැටුප පමණක් ප්‍රමාණවත් නොවීමයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »