මෙල්බන් ලාංකික නිවසකට ප්‍රහාරයක්

මෙල්බන් කීස්බරෝ ප්‍රදේශයේ ශ්‍රී ලාංකික නිවසකට එල්ල වූ ප්‍රහාරයට අදාළව 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලු පැහැති ඇඳුමින් සැරසී තියුණු ආයුධ සහිතව පැමිණි පුද්ගලයන් 04 දෙනෙකු පසුගිය සෙනසුරාදා පෙරවරු 07 ට පමණ මෙම පහරදීම සිදුකර තිබුණා.

ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබුණේ සිය මෝටර් රථය පැහැර ගැනීම විය හැකි බවටයි අදාළ ශ්‍රී ලාංකිකයා විසින් මාධ්‍ය වෙත පවසා තිබුණේ.

මෙම පිරිස පළායාමට උත්සාහ කර ඇති අතර ඔවුන් පැමිණි මෝටර් රථය සහ සැකකරුවන්ගේ ඡායාරූප ලබාගැනීමට යාබද පිරිස් කටයුතු කර තිබුණා.

එහිදී නැවතත් පැමිණි සැකකරුවන් අදාළ ජංගම දුරකථනය ඉල්ලා සිටිමින් නැවතත් පහරදුන් ආකාරයකුයි සී සී ටී වි දර්ශනවල දැක්වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පැකනම් හි පදිංචි 17 හැවිරිදි තරුණයෙකු වන අතර සෙසු පිරිස සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »