වික්ටෝරියා මෙන් ගෑස් තහනමකට NSW බෑ කියයි

වික්ටෝරියා ප්‍රාන්තය විසින් ගෙන ඇති ආකාරයේ ගෑස් සබඳතා තහණමක් පැණවීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් අවධාරණය කරනවා.

ප්‍රාන්ත 02 මුහුණ දෙන බලශක්ති ගැටලු එකිනෙකට වෙනස් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ වායු විමෝචන අතුරින් සියයට 17 කට හේතුව ගෑස් වුවද නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ එම ප්‍රතිශතය සියයට 7 ක් වැනි අඩු අගයක පවතින බව අගමැතිවරයා පෙන්වා දෙනවා.

නිවාස තුළ විදුලිය පමණක් භාවිත කිරීමේ වැඩපිළිවෙලක් ආර්ම්භ කිරීමට තවත් දීර්ඝ කාලයක් ගතවනු ඇති බවටත් නිවු සවුත් වේල්ස් අගමැතිවරයා අනාවැකි පළකරනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ අලූතින් ඉදි කරන නිවාස සඳහා ගෑස් සබඳතා ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට තහනම් කිරීමට ප්‍රාන්ත රජය දින කිහිපයකට පෙර තීරණය කරනු ලැබුවා.

මේ අනුව එදින සිට ඉදිකිරීම් සඳහා අනුමැතිය හිමිවන නිවාස හෝ නේවාසිකාගාර සඳහා විදුලිය සබඳතා සඳහා පමණක් අවසර හිමිවනු ඇති.

ඉදිකිරීම් සඳහා දැනටමත් අනුමැතිය ලබාදී ඇතත් ඉදිකිරීම් ආරම්භ කර නොමැති පාසල් – රෝහල් – පොලිස් ස්ථාන ඇතුලූ රාජ්‍ය ගොඩනැගිලි සඳහාද විදුලිය සබඳතා පමණක් ලබාගත යුතු බවයි වික්ටෝරියා රජය දන්වා සිටින්නේ.

ඔස්ටේ්‍රලියාවේ ගෘහස්ථ ගෑස් භාවිතය වැඩිම ප්‍රාන්තය වික්ටෝරියා වන අතර නිවාස අතුරින් සියයට 80 ක පමණ ගෑස් භාවිත කෙරෙනවා.

කෙසේවෙතත් ගෑස් භාවිතය නතර කර විදුලිය පමණක් භාවිත කිරීමෙන් වසරකට ඩොලර් 1,000 ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට නිවැසියන්ට හැකිවනු ඇති බවටත් වික්ටෝරියා ප්‍රාන්ත රජය අනාවැකි පළකරනවා.

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »