ශ්‍රමය සූරා කෑ ඔස්ට්‍රේලියානු සේවා යෝජකයන් 140 කට වැඩ වරදී

ඔස්ට්‍රේලියාව තුළ සිටින සංක්‍රමණික සේවකයින්ගේ ශ්‍රමය සූරා කන සේවායෝජකයින් 140 කට අධික සංඛ්‍යාවකගේ ව්‍යාපාර කටයුතු සඳහා දඩ සහ සම්බාධක පැනවීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය පියවර ගෙන තිබෙනවා.

මෙම ජූලි මාසය තුළ දේශ සීමා ආරක්ෂණ නිලධාරීන් රට පුරා සිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබූ අතර එහිදී සංක්‍රමණික සේවකයින්ට වීසා සඳහා අනුග්‍රාහකත්වය සපයන සේවා යෝජකයින් මූලික ඉලක්කය වී තිබූ බව සඳහන්.

සේවා ස්ථාන අයිතීන්, නියමිත වැටුප් ගෙවීම, රැකියා කොන්දේසි මෙන්ම සේවකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිලිබඳ එහිදී විමර්ශනය කර තිබුණා.

ජූලි මාසයේ සිදුකල වැටලීම්වලදී වැඩිම සම්බාධක සංඛ්‍යාවක් පණවා ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ව්‍යාපාර සඳහා වන අතර එය 49 ක්.

බටහිර ඔස්ට්‍රේලියා හි 40 ක් / නිව් සවුත් වේල්ස් 22 ක් / වික්ටෝරියා ප්‍රාන්තයේ 21 ක් සහ දකුණු ඔස්ට්‍රේලියාවේ 16 ක් ලෙස ව්‍යාපාර සඳහා සම්බාධක පණවනු ලැබ තිබෙනවා.

සංක්‍රමණික සේවකයින්ට අඩු වැටුප් ගෙවීම සහ ශ්‍රමය සූරාකෑම ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කීර්තියට හානි කළ හැකි බවයි දේශ සීමා ආරක්ෂණ බලකාය අවධාරණය කරන්නේ.

යම් කිසි සංක්‍රමණික සේවකයකු ශ්‍රම සූරා කෑමකට හෝ අඩු වැටුප් ලබන්නේ නම් නිර්ණාමිකව වුවද පැමිණිලි කල හැකියි.

CREDIT – SBS

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »