අඛණ්ඩව 03 වන දිනටත් ඔස්ට්‍රේලියාවෙන් ගුවන් යානා අනතුරක්

අඛණ්ඩව 03 වන දිනයටත් ඔස්ට්‍රේලියාවෙන් ගුවන් යානා අනතුරක් වාර්තා වී තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියාවේ බ්‍රෙන්ට්වුඩ් හිදී අද පෙරවරු 09.20 ට පමණ මෙම අනතුර වාර්තා වී ඇති බව සඳහන්.

කුඩා සැහැල්ලු ගුවන් යානයක් වන එය ගුවන් ගත කර විනාඩි කිහිපයකින් කඩා වැටී ඇත්තේ භූමියේ සිටි අශ්වයෙකු මතටයි.

යානයේ සිටි 63 හැවිරිදි නියමුවා බරපතල තුවාල ලබා ඇති අතර 56 හැවිරිදි කාන්තාවක සුලු තුවාල ලබා ඇති බවයි දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ සේවය සඳහන් කලේ.

අශ්වයාද දිවි ගලවාගෙන තිබෙනවා.

පෙරේදා දිනයේදී උතුරු බ්‍රිස්බන් හිදී සැහැල්ලු ගුවන් යානා 02 ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු මරණයට පත්වූ අතර ඊයේ ක්වීන්ස්ලන්ඩ් හිදී හමුදා හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටීමෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 04 දෙනෙකු තවමත් අතුරුදන්වයි න්නේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »