ඉදිරි වසර 22 දී ඔස්ට්‍රේලියාවෙන් පිළිකා මරණ ලක්ෂ 15 ක්

ඉදිරි වසර 22 ක කාලය තුළ ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් විවිධ පිළිකා රෝග හේතුවෙන් මරණයට පත්වනු ඇති බවට නවතම අධ්‍යයනයක් අනාවරණය කර තිබෙනවා.

සිඩ්නි විශ්ව විද්‍යාලය ඇතුලු පාර්ශව කිහිපයක් එක්වයි මෙම සමීක්ෂණය සිදුකර තිබුණේ.

2020 සිට 2044 වසර දක්වා කාලය තුළදී අලුතින් පිළිකා රෝගීන් ලක්ෂ 45 කට වැඩි පිරිසක් හඳුනාගනු ඇතැයිද ඉන් ලක්ෂ 30 කට ආසන්න පිරිසක් සුවය ලබනු ඇතැයිද මෙහිදි හෙළිවී තිබෙනවා.

වහා නිසි අධ්‍යයනයක් සිදුකලහොත් මෙම මරණ සංඛ්‍යාව අඩු කරගත හැකිවනු ඇතැයිද සමීක්ෂකයන් පෙන්වා දී ඇතැයි සඳහන්.

කෙසේවෙතත් 2020 වසරට පෙර වසර 25 හා සැසඳීමේදී මෙම මරණ සංඛ්‍යාව සියයට 20 ක පමණ පහළයාමක් බවටයි මෙහිදී වැඩිදුරටත් තහවුරු වී ඇත්තේ.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »