ක්වීන්ස්ලන්ඩ් හෙලිකොප්ටර් අනතුරකින් ආරක්ෂක සාමාජිකයන් 04 ක් අතුරුදන් – මියගිය බවටත් සැකයක්

ක්වීන්ස්ලන්ඩ් හි හැමිල්ටන් දූපත ආසන්නයේදී සිදුවු හෙලිකොප්ටර් යානා අනතුරකින් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයන් 04 දෙනෙකු අතුරුදන් වි තිබෙනවා.

ඔවුන් මියගොස් ඇතැයි ආරක්ෂක අංශ සැක පළ කරනවා.

පුහුණුවීමක් අතරතුර ඊයේ රාත්‍රී 10.30 ට පමණ මෙම හෙලිකොප්ටරය කඩා වැටී තිබෙනවා.

එහි සුන්බුන් හමුවී ඇතත් යානයේ සිටි පිරිස සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැහැ.

අතුරුදන්ව සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

උතුරු බ්‍රිස්බන් හිදී සැහැල්ලු ගුවන් යානා 02 ක් එකිනෙක ගැටීමෙන් අඹු සැමි යුවළක් මියගොස් පැය 24 ක් ගතවීමට පෙරයි ඊයේ රාත්‍රියේ මෙම සිදුවීමද වාර්තා වන්නේ.

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »