
මාස 12 ක කාලයක් තුළදී ඔස්ට්‍රේලියානු මූල්‍ය පැමිණිලි අධිකාරියට ලැබුණු ඉහළම පැමිණිලි සංඛ්‍යාව ගතවූ වසරේදී ලැබී තිබෙනවා.
ඒ අනුව පැමිණිලි 96,987 ක් එලෙස ලැබී ඇති අතර ඉහළ යන පොළී අනුපාතික අගයන් – මූල්‍ය වංචා – රක්ෂණාවරණ ගැටලු වැනි දෑ සම්බන්ධයෙනුයි වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ.
මෙම ඇතැම් කරුණු සම්බන්ධ පැමිණිලි 2021-22 මූල්‍ය වසරට වඩා 2022-23 මූල්‍ය වර්ෂයේදි සියයට 50 කටත් වැඩි අගයකින් ඉහළගොස් තිබීම විශේෂත්වයක්.

පුද්ගලික ගිණුම් සම්බන්ධ පැමිණිලි සියයට 86 කින් සහ Buy Now Pay Later සම්බන්ධ පැමිණිලි සියයට 57 කින් ද ඉහළ ගොස් තිබෙනවා.
ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ පැමිණිලි ද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි ඔස්ට්‍රේලියානු මූල්‍ය පැමිණිලි අධිකාරි වාර්තා පෙන්වා දෙන්නේ.
