ගතවූ මාස 12 දී ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල්වල ආහාර මිළ 10% කින් ඉහළට

ගතවූ මාස 12 තුළදී ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල්වල ආහාර මිළ ගණන් සියයට 10 කට ආසන්න අගයකින් ඉහළගොස් ඇති බව අනාවරණය වනවා.

ගිය වසර පුරා කෝල්ස් සහ වූල්ස්වර්ත් සුපිරි වෙළඳසැල්වල අලෙවි කරන ලද ආහාර ද්‍රව්‍ය 60,000 ක පමණ මිළ ගණන් සසඳා බැලීමෙනුයි මෙම දත්ත නිකුත් කර ඇත්තේ.

අප්‍රේල් මාසයේදී වූල්ස්වර්ත් හි ආහාර මිළ ගණන් සියයට 8.7 කින් අඩුවී ඇතත් කෝල්ස් හි මිළ ගණන් සියයට 10.5 කින් පමණ ඉහළගොස් තිබීම විශේෂත්වයක්.

එමෙන්ම ගතවූ වසර සළකා බැලීමේදී වූල්ස්වර්ත් සුපිරි වෙළඳසැල් ජාලය අභිබවා කෝල්ස් හි ආහාර මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ අගයක පැවති බවයි මෙහිදී හෙළිකර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල සිදුකෙරෙන අලෙවි කිරීම් සළකා බැලීමේදී සියයට 70 ක පමණ කොටසක් අයත් වන්නේ කෝල්ස් සහ වූල්ස්වර්ත් සුපිරි වෙළඳසැල් ජාල 02 ටයි.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »