සිඩ්නි කතකගේ ශීතකරණ දොරේ මාසයක් සැගවී තිබූ $ මිලියන 2 ක්

මාසයකට වැඩි කාලයක් ශීතකරණයෙහි දොරෙහි සිරවී තිබු ලොතරැයි ටිකට්පතකට ඩොලර් මිලියන 02 ක ත්‍යාග මුදලක් හිමිවූ කාන්තාවක පිළිබඳ පුවතක් සිඩ්නි නගරයෙන් වාර්තා වනවා.

පසුගිය ජූනි 24 වනදා දිනුම් අදින ලද Saturday Lotto ලොතරැයියෙනුයි ඇයට මෙම දිනුම ලැබී ඇත්තේ.

කෙසේවතත් මාසයකටත් වැඩි කාලයක් පුරා එය ශීතකරණයෙහි දොරෙහි සිරවී තිබී ඇති අතර අහම්බෙන් එය දුටු ඇය ඊට දිනුමක් ඇතිදැයි පරීක්ෂා කර බලා තිබෙනවා.

ඩොලර් මිලියන 02 ක ත්‍යාග මුදලක් තමා විසින් ජයගෙන ඇති බව ඇය වටහාගෙන ඇත්තේ එම අවස්ථාවේදීයි.

මෙම මුදලින් තම නිවාස උකස් ණය ගෙවා අවසන් කිරීමටත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යෙදවීමටත් බලාපොරොත්තු වන බවයි සිඩ්නි පදිංචි මෙම කාන්තාව වැඩිදුරටත් පවසා තිබුණේ.

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »