
අඩු පිරිවැයක් යටතේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් පවත්වන්නැයි ඉදිරිපත් වු ඉල්ලීමක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
2026 වසරේදී අදාළ තරගාවලිය පැවැත්වීම සඳහා වැය වනු ඇති බවට පසුගිය වසරේදී ඉදිරිපත් කල තක්සේරුවේ දක්වා තිබූ වියදම ඩොලර් බිලියන 2.6 ක්.
කෙසේවෙතත් තරගාවලියේ සත්කාරකත්වයෙන් ඉවත්වීම නිවේදනය කරමින් වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කලේ තරගාවලියේ සමස්ත වියදම ඩොලර් බිලියන 06 ද ඉක්මවා යනු ඇති බවයි.

කිසිදු විකල්ප පාර්ශවයක් විසින් තරගාවලියේ සත්කාරකත්වය භාර නොගැනීම හමුවේ ඩොලර් බිලියන 1.4 ක පමණ අඩු වියදමක් යටතේ තරගාවලිය පැවැත්වීමට වික්ටෝරියා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් ප්‍රාන්ත රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
එහෙත් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් එම යෝජනාව ඉවත දමා ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් කිසිදු මුදලක් මෙම අවස්ථාවේ වැය කල නොහැකි බව දක්වමිනුයි.
