Search

ලාංකික දේශපාලනඥ පුත්‍රයාට කැනඩාවේ කැබිනට් ඇමති ධූරයක්

ශ්‍රී ලංකාවේ උපත ලබා මේවනවිට කැනඩාවේ වෙසෙන එරට පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සංගරීට එරට කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් සිදුකළ කැබිනට් සංශෝධනයේදී ගැරී ආනන්ද සංගරීට එලෙස අමාත්‍ය ධූරයක් හිමිව ඇති බවයි.

ඒ අනුව කැනඩාවේ කිරීටය හා ආදිවාසී සබඳතා අමාත්‍ය ධූරය ගැරී ආනන්ද සංගරීට හිමිව තිබෙනවා.

ඔහු මීට පෙර කැනඩාවේ කිරීටය සහ ස්වදේශික සබඳතා අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ලෙසත්, එරට උරුමයන් සහ බහු සංස්කෘතික අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ලෙසත් කටයුතු කර තිබෙනවා.

ගැරී ආනන්ද සංගරී යනු ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී ආනන්දසංගරීගේ පූත්‍රයායි.