බිල් ගෙවා නැතැයි විසන්ධි කරනු එපා – සමාගම් 08 කට රතු එළියක්

දුරකථන හෝ අන්තර්ජාල බිල්පත් ගෙවීමට අපහසු ග්‍රාහකයන් වෙනුවෙන් සහනයක් සැපයීමට අපොහොසත් වන්නේ නම් ඉහළ දඩ පණවන බවට ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය සන්නිවේදන සමාගම් 08 කට අනතුරු අගවා තිබෙනවා.

ප්‍රධාන පෙළේ සන්නිවේදන සමාගම් වන ඔප්ටස් – ටෙල්ස්ට්‍රා – TPG ඇතුලු සන්නිවේදන සමාගම් මේ අතර වනවා.

ගෙවීම් ප්‍රමාදයන් පවතින පාරිභෝගිකයන්ගේ සබඳතා විසන්ධි කිරීමත් – ඊට පෙර සිදු කර ඇති පූර්ව නිවේදන දින කිහිපයකට පෙර පමණක් ලබාදීමත් වැනි පැමිණිලි සළකා බැලීමෙන් අනතුරුවයි මෙම අනතුරු ඇගවීම සිදුකර ඇත්තේ.

සිය නිර්දේශ කඩ කරන්නේ නම් ඩොලර් 250,000 ක් වැනි ඉහළ දඩයක් පණවන බවට මාධ්‍ය අධිකාරිය විසින් අදාළ සන්නිවේදන සමාගම් 08 ට දන්වා තිබෙනවා.

දුරකථන හෝ අන්තර්ජාල සබඳතා විසන්ධි කිරීම් හමුවේ පාරිභෝගිකයන්ට බැංකු – කාර්යාල – අධ්‍යාපන – සෞඛ්‍ය වැනි සේවා රැසක් ඉටුකර ගැනීමට නොහැකි වන බව ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය පෙන්වා දෙනවා.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »