පොදුරාජ්‍ය මණ්ඩලීය වීරත්වයේ පදක්කම ශ්‍රී ලාංකික දරුවෙකුට

පොදුරාජ්‍ය මණ්ඩලීය රටක වසරකදී සිදුකළ විශිෂ්ටතම ජීවිතාරක්ෂක වීර ක්‍රියාවට හිමි ඇගයීම වන මවුන්ට් බැට්න් පදක්කම දිනාගැනීමට නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික දරුවෙකු වූ කල්යා කන්දෙගොඩ ගමගේ සමත්වී තිබේ.

14 හැවිරිදි වියේ පසුවන කල්යා සැලකෙන්නේ මෙම වීරත්ව පදක්කම දිනාගත් ලාබාලතම තැනැත්තා ලෙසය.

පසුගිය වසරේ අගෝස්තු මස 27 වනදා නවසීලන්තයේ සිටින ලාංකික දරුවන් දෙදෙනෙකු වූ කල්යා සහ කිත්මි නවසීලන්තයේ දකුණු දිවයිනේ ගිනිකොන දිග ප්‍රදේශයේ ක්‍රිස්ටෝල්ස් වෙරළ තීරයට ගොස් තිබුණේ පාරු පැදීම සඳහාය.

එහිදී දෙසොහොයුරන් අතරින් වයස අවුරුදු 11ක් වූ බාල කිත්මි නොසිතූ මොහොතක එක්වරම මුහුදට ඇදවැටී තිබේ.

පිහිනීමට දක්ෂයෙකු වූ කිත්මිට මුහුදේ රළු ස්වභාවයත් සමග සටන් කිරීමට නොහැකි වුවත් වැඩිමහල් සොහොයුරු කල්යා වෙරළට පිහිනාවිත් තිබුණි.

සිය සහෝදරයා වෙරළට පැමිණ නොසිටි බව දැනගත් ඔහු යළි වේගයෙන් මුහුදට පිහිනා යන්නේ තමාට යළි ඒමට බැරිවුවත් සිය මල්ලි බේරාගන්නා බවට මවට පවසමිනි.

මුහුදේ ගසාගෙන යමින් සිටි සිය සහෝදරයා වෙත ලංවීමට කල්යාට මීටර 60ක පමණ දුරක් වේගයෙන් පිහිනා යාමට සිදුවී තිබුණි.

කල්යා දැක්වූ මෙම වීරත්වය පසුගියදා රටවල් 56කින් සමන්විත, බිලියන 2.4ක ජනගහණයක් සහිත පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල 2022 වසරේ සිදුවූ කැපී පෙනෙනම වීර ක්‍රියාවට හිමි සම්මානයට පාත්‍ර වුණි.

ඒ අනුව සිය සහෝදරයා බේරාගත් කල්යාට රාජකීය ජීවිතාරක්ෂක සංගමය මවුන්ට් බැට්න් පදක්කම පිරිනමනු ලැබීය.

කල්යා සැලකෙන්නේ මෙම පදක්කම දිනාගත් ලාබාලතම පුද්ගලයා ලෙසය.

Source : Ada Derana

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »