Search

ඔස්ට්‍රේලියාවේ ටොන් ගණනක මෘදු ප්ලාස්ටික් විදේශයන් වෙත යැවීම ඇරඹේ

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් විසින් ටොන් ගණනක් වන මෘදු ප්ලාස්ටික් සාම්පල ප්‍රතිචක්‍රීකරණය සඳහා විදේශයන් වෙත යැවීම ආරම්භ කර තිබෙනවා.

Coles සහ Woolworths සුපිරි වෙළඳසැල් ජාල විසින් පුද්ගලික ආයතනයක් (REDCycle) සමග එක්ව ආරම්භ කල ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් බිඳ වැටුණේ පසුගිය පෙබරවාරි මාසයේදීයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පුරා මධ්‍යස්ථාන 44 ක පමණ ටොන් 11,000 කට අධික මෘදු ප්ලාස්ටික් ගොඩ ගසා තබා ගැනීමටයි ඔවුන්ට සිදුවූයේ.

ප්ලාස්ටික් කොටස් බිලියන 70 ක් පමණ මෙහි අන්තර්ගත බවයි පැවසෙන්නේ.

මෙම ප්ලාස්ටික් ඔස්ට්‍රේලියාව තුළදී ප්‍රතිචක්‍රීකරණයට හෝ වෙනත් කාර්යයකට යොදාගත නොහැකි බැවින් විදේශයකට යවා එය සිදුකල හැකිදැයි සොයා බැලීම සඳහායි මෙලෙස අදාළ ප්ලාස්ටක් සාම්පල විදේශයකට යවා ඇත්තේ.