
පවතින ආර්ථික වාතාවරණය යටතේ කුමන වියදම් කප්පාදු කලද ඔස්ට්‍රේලියානු දෙමව්පියන් විසින් සිය දරුවන්ට අදාළ වියදම් සඳහා ප්‍රමුඛතාවය දෙන බව අනාවරණය වී තිබෙනවා.
මෙම තොරතුරු හෙළිවී ඇත්තේ බැංකුව විසින් ඔස්ට්‍රේලියානුවන් 2,000 ක් යොදාගනිමින් සිදුකල නවතම සමීක්ෂණයකදීයි.
එහිදී සියයට 55 කට ආසන්න පිරිසක් පවසා ඇත්තේ පිටතින් ආහාර ගැනීම සහ සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් බැලීම වැනි දෑ තමන් මේ වනවිට සීමා කර ඇති බවයි.

සියයට 45 ක් පුද්ගලික වාහන සඳහා ඉන්ධන මිළදී ගැනීමේ වියදම්ද – සියයට 43 ක් විනෝද චාරිකා සඳහා වන වියදම්ද කපා හැර ඇති බව සඳහන්.
කෙසේවෙතත් දරුවන්ට අදාළ අධ්‍යාපන – ආහාර සහ සෞඛ්‍ය වැනි කරුණු සඳහා වන වියදම් කප්පාදුවකින් තොරව සිදුකරන බවයි සමික්ෂණයට සහභාගීවූවන්ගෙන් බහුතරයක් පවසා ඇත්තේ.

එමෙන්ම සුරතල් සතුන් නඩත්තු වියදම් මෙන්ම ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ සඳහා වන ගෙවීම්ද ප්‍රමුඛ ස්ථානයක පවතින බව ඔවුන් සඳහන් කර තිබුණා.
වියදම් කප්පාදුව අතින් පෙරමුණේම පසුවන වයස් කාණ්ඩය ලෙස හඳුනාගෙන ඇත්තේ අවුරුදු 50 ත් 64 ත් අතර වයස් කාණ්ඩයයි.