වීසා ප්‍රමාදය හමුවේ ඔස්ට්‍රේලියානු ශිෂ්‍යත්ව අහිමිවීමේ අවධානමක්

ඔස්ට්‍රේලියානු වීසා ප්‍රමාදය හමුවේ ආචාර්ය උපාධි හැදෑරීම සඳහා ඇතැම් රටවල සිසුන්ට ඔස්ට්‍රේලියානු සරසවි විසින් ලබාදී ඇති ශිෂ්‍යත්ව අවස්ථා අහිමිවීමේ අවධානමක් මතුවී තිබෙනවා.

විශේෂයෙන් ඉරානය වැනි රටවල උපාධිධාරීන්ට වීසා අයදුම් කර වසර 02 කට වැඩි කාලයක් ගතවුවද මේ දක්වා කිසිදු පිළිතුරක් ලැබී නොමැති බවයි පැවසෙන්නේ.

science, technology, engineering and mathematics (STEM) හෙවත් විද්‍යා – තාක්ෂණ – ඉංජිනේරු සහ ගණිත යන අංශවල පර්යේෂණ අධ’්‍යයන පාඨමාලා (research) හැදෑරීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වන විදෙස් සිසුන් වෙනුවෙන් සාමාන්‍ය ශිෂ්‍ය වීසා අයදුම් ක්‍රමවේදයෙන් බැහැර වෙනම වීසා කාණ්ඩයක් හඳුන්වා දෙන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

මෙලෙස දැඩි වීසා ප්‍රමාදයන්ට ලක්වන්නේ විශේෂයෙන් සරණාගත භාවය වැඩි වශයෙන් අපේක්ෂා කරන්නන් සිටින රටවලින් ලැබෙන වීසා අයදුම්පත්‍ර සඳහා බවටයි මානව හිමිකම් සංවිධාන චෝදනා කරන්නේ.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර සියලුම රටවලින් ලැබෙන වීසා අයදුම්පත් සම්බන්ධයෙන් එක හා සමානව කටයුතු කරන බව අවධාරණය කරනවා.

මෙම ගැටලුව කඩිනමින් විසඳීමට පියවර නොගතහොත් 20240 වසර වනවිට ඔස්ට්‍රේලියාවට ඉංජිනේරුවරුන් ලක්ෂ 02 ක පමණ උග්‍ර හිගයක් ඇති වනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »