වික්ටෝරියා ප්‍රාන්තයේ සම්මානලාභී ඉදි කිරීම් සමාගමක් වන ක්ලීව් හෝම්ස් ආයතනයේ ව්‍යාපාර කටයුතු බිඳවැටී තිබෙනවා.
ඩොලර් මිලියන 3.3 ක ණයක් ද සමග සිය මෙහෙයුම් අත්හිටුවීමට සිදුවී ඇති බවයි ඔවුන් අද නිවේදනය කලේ.
මේ වනවිට ඔවුන්ගේ නිල වෙබ් අඩවිය මෙන්ම සමාජ මාධ්‍ය පිටු ද අක්‍රීය තත්වයේයි පසුවන්නේ.
ක්ලීව් හෝම්ස් ආයතනය වෙනත් පාර්ශවයකට පැවරීමට හෝ ඈවර කිරීමටද බලතල පවරා තිබෙනවා.
මෙම වසර තුළදී බංකොළොත් භාවය ප්‍රකාශයට පත්කල මෙල්බන් හි ස්ථාපිත 04 වන ඉදි කිරීම් සමාගම බවට මේ අනුව ක්ලීව් හෝම්ස් ආයතනය පත්වනු ඇති.
2021 වසරේ සිට මේ දක්වා මුලු ඔස්ටේ්‍රලියාව තුළම ව්‍යාපාර බිඳ වැටී ඇති ඉදිකිරිම් සමාගම් සංඛ්‍යාව 2023 ක්.