ළමුන්ගේ නාන සෙල්ලම් බඩු පිළිබඳ අනතුරු ඇඟවීමක්! 

ළමුන්ගේ නාන සෙල්ලම් බඩු පිළිබඳ අනතුරු ඇඟවීමක්! 

Your kid’s bath toys really are farms for all kinds of gross microbes!

ළමුන්ගේ නාන සෙල්ලම් බඩු (Bath Toys) ගණනාවක් විවෘත කර පරීක්ෂා කිරීමෙන් පසු ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු දෙමාපියන්ට හදිසි අනතුරු ඇඟවීමක් කර තිබේ.

විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව “කැමරන් ජෝන්ස්”  පැවසුවේ “ප්‍රතිඵල ලැබී ඇති අතර ඒවා ඉතා තැතිගන්වන සුළු බවයි”. ජෝන්ස් සොයාගත්තේ සෙල්ලම් බඩු කළු පැහැති විෂ ද්‍රව්‍යයකින් පිරී  ඇති බවයි.

මෙම සෙල්ලම්බඩු වල ඇතුලත අඩංගුව ඇත්තේ  Biofilm  නමින් හැඳින්වෙන ද්‍රව්‍යයක් ලෙස හඳුනාගෙන ඇති අතර එය ස්නානය කරන වේලාවේදී සෙල්ලම් බඩු වලට ජලය කාන්දු වීම නිසා වර්ධනය විය. නමුත් Biofilm  වල බොහෝ විට හානිකර බැක්ටීරියා සහ දිලීර අඩංගු විය හැකිය.

මෙම දෝෂයන් ආමාශ ආන්ත්‍රික රෝගයේ සිට කණ ආශ්‍රිත ආසාදන, වමනය, පාචනය, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි ඕනෑම දෙයක් ඇති කරයි. ජෝන්ස් පැවසුවේ ජලය ක්ෂුද්‍ර ජීවීන් වැඩි  වේගයකින් වර්ධනය වීමට සුදුසු පරිසරයක් සපයන අතර දරුවන්ගේ සෞඛ්‍යය අවදානමට ලක් කරන බවයි.

ආරක්ෂිත විකල්පය වන්නේ දෙමව්පියන්ට කිසිදු විවෘත කිරීමක් නොමැති නාන සෙල්ලම් බඩු මිලදී ගැනීමයි. එසේ නොමැති නම්, දෙමව්පියන් “සෙල්ලම් බඩු වල ඇති සිදුරු වසා දමන්න, එවිට එය ජලයෙන් පිරවෙන්නේ නැත” සහ “රසායනික විෂබීජ නාශකයක් භාවිතා කරමින් අවශ්‍ය පරිදි සෙල්ලම් බඩු තම්බා ගන්න” යනුවෙන් ඔහු නිර්දේශ කළේය.

එසේම Biofilm සෑදීමේ සම්භාවිතාව අඩු කිරීම සඳහා එක් එක් භාවිතයෙන් පසු සෙල්ලම් බඩු වියළීමට ඔහු දෙමාපියන්ට නිර්දේශ කළේය.

(7News)

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »