මයික්‍රොසොෆ්ට් ඔස්ට්‍රේලියානු කාර්යාලවල තවත් පිරිසක් ඉවතට

සිය ඔස්ට්‍රේලියානු කාර්යාලවල තවත් සේවකයන් පිරිසක් ඉවත් කිරීමට අමෙරිකානු තාාක්ෂණ දැවැන්තයෙකු වන මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කර තිබෙනවා.

මෙම මාසය තුළදී පමණක් 50 කට ආසන්න පිරිසක් එලෙස රැකියාවලින් ඉවත් කර ඇති බවයි පැවසෙන්නේ.

ලොව පුරා කාර්යාලවල සිදු කෙරෙන සේවක ඉවත්කිරීම්වලට සමගාමීව ඔස්ට්‍රේලියාව තුළදීත් සේවකයන් ඉවත් කිරීම් සිදු කෙරෙන බවයි මයික්‍රොසොෆ්ට් සමාගම දන්වා සිටින්නේ.

පසුගිය වසරේදී ඔවුන් විසින් ලොව පුරා සේවකයන් 10,000 ක් පමණ සේවයෙන් ඉවත් කල අතර ඉන් 1,000 ක් පමණ අමෙරිකානු කාර්යාලවල සේවකයන් ලෙසයි දැක්වුණේ.

පසුගිය වසරේ ජූනි මාසය වනවිට ලොව පුරා සිටි මයික්‍රොසොෆ්ට් සේවකයන් සංඛ්‍යාව 220,000 කට ආසන්නයි.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »